
මර්ලින් කතා මාලාවේ ආතර්ගේ පියා වූ ඇන්තනී හෙඩ් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ බ්‍රිතාන්‍යයේ ‘මර්ලින්’ (Merlin) රූපවාහිනී කතා මාලාවේ ආතර් කුමරුගේ පියා වූ ‘ඌතර් පෙන්ඩ්‍රැගන්’ රජුගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ නළු ඇන්තනී හෙඩ් (Anthony Head) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක සිට රෝගී තත්ත්වයෙන් පසු වූ ඇන්තනී හෙඩ්, නියුමෝනියාව හේතුවෙන් ඇති වූ සංකූලතා මත මියගිය බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග තහවුරු කර ඇති බව සදහන්.
දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු මියයන විට 72 වැනි වියේ පසුව ඇති බවයි වාර්තා වන්නේ.
‘මර්ලින්’ කතා මාලාවට අමතරව ‘Buffy the Vampire Slayer’, ‘Ted Lasso’ සහ ‘Little Britain’ ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධියට පත් ටෙලි නාට්‍ය රැසක් හරහා ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වූ රංගන ශිල්පියෙක්.