
ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ගණන්ද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙරට වැඩිම අලෙවියක් ඇති ගල් අරක්කු බෝතලයක (මිලිලීටර් 750) මිල රුපියල් 20කින්, බෝතල් භාගයක මිල රුපියල් 10කින් සහ පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇත.
මීට අමතරව විස්කි සහ බ්රැන්ඩි වර්ගයේ මත්පැන් බෝතලයක මිලද රුපියල් 100කින් වැඩි කර තිබේ.
තවද මීට මාසයකට පමණ පෙර වෙනත් මත්පැන් වර්ග කිහිපයක මිල ගණන්ද එම සමාගම විසින් වැඩිකර තිබිණ.
කෙසේ වෙතත් බියර් මිලේ වෙනසක් සිදුව නොමැත. මීට පෙරාතුව මත්පැන් සඳහා පාලන මිලක් ක්රියාත්මක වූ බවත් මේ වන විට එවැන්නක් නොමැති නිසා සමාගම්වලට මත්පැන් මිල වැඩි කිරීමට අවසර ලැබී ඇතැයිද මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.