
තානාපති කාර්යාල ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අධිකරණයේ පෙනී නොසිටි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරියට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන විසින් අද (22) වරෙන්තු නිකුත් කළා. ඒ සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ සිද්ධියට අදාල නඩුව මේවනවිට නිතීපති උපදෙස්වලට යවා ඇති බවයි. තවද මෙම සිද්ධියට අදාල ඇපකරුවන්ට පෙර නඩු දිනයේදී ඇප නොතීසි යැවු බවයි. ඒ අනුව ඇපකරුවන් අද අධිකරණයේ පෙනී සිටි අතර මහේස්ත්රාත්වරයා විසින් ඇපකරුවන්ට අවවාද කළා. ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්රාත්වරයා සිද්ධියට අදාල නඩුව නිතීපති උපදෙස් සදහා දෙසැම්බර් 9 වන දින කැඳවිමට නියෝග කළා. අමෙරිකාවේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ජාලිය වික්රමසූරිය මහතා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 32,000 ක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. සිද්ධියට අදාල සැකකරු මෙි වන විට ඇමරිකාවේ සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. මේ වනවිට මෙම සැකකරු අධිකරණය මගහැර සිටින බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ඒ අනුව ඇමරිකාවේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරිය මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කළා. මෙම නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් මස 9 අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද එහිදී නියෝග කළා. සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා.