
හොරණ ප්රදේශයේ රාජ්ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු දින හයක් රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර හිමිව තිබේ.
ඊට අදාළ නියෝගය හොරණ මහේස්ත්රාත් අධිකරණය විසින් ලබාදී ඇත.
එමෙන්ම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරියා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.