
පානදුර දකුණ පොලිස් වසමේ කුරුප්පුමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී
රිවෝල්වරයක්, ජීව උණ්ඩ තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (05) පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්
ඔවුන්ට ලැබුණු තොරතුරකට අනුව කුරුප්පුමුල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදු
කොට නිවසක් පරීක්ෂා කොට තිබෙනවා.
එහිදි විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, මිලිමීටර් 9 (9mm) වර්ගයේ
ජීව උණ්ඩ 9 ක්, ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 49 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4
මිලිග්‍රෑම් 280ක් සහ මත්ද්‍රව්‍ය මැන බැලීම සඳහා භාවිත කරන විද්‍යුත්
තරාදියක් සොයාගෙන තිබෙනවා.
එම භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි බවට සැක කෙරෙන පුද්ගලයා එම
ස්ථානයේදීම අත්අඩංගුවට ගත් අතර ඔහු වයස අවුරුදු 39 ක් වන පානදුර
කුරුප්පුමුල්ල, ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු
ලබනවා.