
ජර්මානු ජාතිකයෙකුගේ රුපියල් මිලියන 25 කට අධික ආයෝජන මුදලක් වංචා කළ බවට සැකපිට සංචාරක මාර්ගෝපදේශකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් ජර්මානු ජාතිකයෙකු සංචාරක ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කර තිබූ යුරෝ 91,860 ක (රුපියල් මිලියන 25කට අධික) මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස, මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බෙන්තර ප්‍රදේශයේදී මෙම සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි බෙන්තර ප්‍රදේශයේ පදිංචි සංචාරක මාර්ගෝපදේශකයෙකු බව පොලීසිය සඳහන් කරනවා. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුනු ලබනවා .